23

සයිබ‍රයේ සිහින කුම‍රා සහා කුම‍රිය

කම්පියුටර් මොනිටරයේ අඟල් ගානකට කොටු වෙලා ඩිජිටල් අකුරු වලින් හිත් ලන් කරගත්ත යහලු යෙහෙලියන්ට සැබෑවටම එකතු වෙලා විනෝද වෙන්න අවස්තාවක් ඇවිත්. ඒ තමයි සයිබර් සිහින බක්මහා උළෙල. දැන් ඒ ගැන නොදන්න කෙනෙක් නෑ. අප්‍රේල් 3 වෙනිදා තිඹීරිගස්යායෙ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනයට පැමිණෙන ඕනම කෙනෙක්ට මේ සුන්දර අවස්තාවට් එක්ක එකතු වෙන්න පුලුවන්කම තියෙනවා. කරන්න තියෙන්නෙ පුංචි දෙයයි. දැන්ම මෙතනට ගිහින් ඔයාලා එනවා කියලා ලියාපඳිංචි වෙන්න. ඊට පස්සෙ ඔයාලට එන විද්‍යුත් ලිපියට ප්‍රතිචාර දක්වන්න. ඇලුත්වීමේ ටිකට් පත පුංචිම පුංචි රුපියල් 100ක් විතරයි. නමුත් ඒ 100ට හිලවු විදියට ලැබෙන දේවල් ඔයාලට හිතාගන්නවත් බැරි වෙයි. නොදුටු මිතුරි මිතුරියන් එක්ක එකතු වෙලා, තරඟ වලට සහභාගී වෙලා, අපි දෙන රසවත් දිවා අහාරය භුක්ති විඳලා, ඩීජේ සංගීතයට නටලා විනෝද වෙන්න හම්බ වෙනවද කවදාවත් රුපියල් 100කට.

එදාට පැවැත්වෙන තරඟ ගැන ඔයාලා දැනටමත් දන්නවා. ඔයාලා අපිට එකතු වෙලා විනෝද වෙන්න පුලුවන් විදියේ තරඟ රාශියක් අපි සූදානම් කරලා තියෙනවා. අවුරුදු උත්සවයක් කිව්ව ගමන් ඔයාලට මතක් වෙන්නෙ මොකද්ද?
අවුරුදු කුමාරයා, අවුරුදු කුමාරි.
ඔව්. අවුරුදු කුමාරයාවයි අවුරුදු කුමාරයි තෝරන්නෙ නැති අවුරුදු උත්සවයක් තියෙනවද? ඔන්න ඒ නිසා අපිත් සූදානම් සයිබර් සිහින බක්මහ උළෙලෙදි ඒ විශේෂ තරඟයටත් ප්‍රධාන තැනක් දෙන්න. හැබැයි පුංචි වෙනසක් තියෙනවා. ඒක නිකම් වෙනසක් නෙවෙයි සුවිශේෂි වෙනසක්. මොකද මේ මුලු උත්සවයම සුවිශේෂියිනෙ. අපි තෝරන්නෙ නිකම්ම නිකම් අවුරුදු කුමාරයා, කුමාරි නෙවෙයි. ඒ වගේම තරඟය පවත්වන රටාවෙත් ලොකූ වෙනසක් තියෙනවා. හරි හරි. කලබල නොවී ඉන්නකො. මන් මේ හදන්නෙ දැන් ඒ ගැන සේරම පැහැදිලි කරන්න තමයි.

අවුරුදු කුමාරයා, කුමාරි කිව්ව ගමන් මතකෙට එන්නෙ බතික් කමීසයයි සරමයි ඇඳගත්ත කොල්ලන්වයි, රෙද්ද හැට්ට ඇඳගත්ත කෙල්ලන්වයිනෙ. ඒක තමා සාම්ප්‍රධායිකව ඒ තරඟය පවත්වාගෙන ආ විදිය. ඒත් මෙතන ඊට වෙනස්. අන්න ඒකයි මන් කිව්වෙ මේක ඉතා සුවිශේෂියි කියලා.
අපි තෝරන්නෙ සයිබරයේ සිහින කුමරා සහා සයිබරයේ සිහින කුමරිය. ඉතින් සිහින කුමරා සහා සිහින කුමරිය වෙන්න බලාපොරොත්තුවෙන් තරඟ වදින කිසිම කෙනෙක් ඒ සඳහා අමුතුවෙන් ඇඳුම් පැලදුම් වලින් සූදානම් විය යුතු නැහැ. උත්සවය දිනේදි ඇඳගෙන එන සාමාන්‍ය ඇදුම පමනක් හොඳටම ප්‍රමාණවත්. ඒක නිසා කිසිම කෙනෙක් අමුතුවෙන් ඇඳුම් පැලඳුම් සූදානම් කරන්න වෙහෙසිය යුතු නෑ. තරඟෙදි අපි ඒ ඒ වට වලදි විවිධ අංග සැලකිල්ලට ගෙන ලකුණු ලබා දීම සිදු කරනවා. නමුත් ඒ කිසිම දෙයක් මහා බරපතල දේවල් නෙවෙයි. ඒක නිසා තරඟෙට ඉදිරිපත් වීම ගැන ඔබ දෙවරක් සිතාබැලීම අවශ්‍ය වන්නෙ නෑ. ඔබට අවශ්‍ය එකම සුදුසුකමයි. ඒ ඔබ අවුරුදු 18ත් 30ත් අතර වයස් සීමාවේ සිටීම විතරයි. තරඟය ස්වාභාවය ගැන ලකුණු ලබා දෙන පිලිවෙල ගැන හා ඒ ඒ වට වලදී ක්‍රියා කල යුතු ආකාරය ගැන පූර්ණ දැනුවත් කිරිමක් අපි උත්සවය පවත්වන දිනයේදී අදාල තරඟකරුවන්ට ලබා දෙනවා. ඒනිසා ඒ ගැන කිසිම විටක බිය යුතු නෑ. මන් මුලින්ම කිව්වනෙ. මේක සාම්ප්‍රධායික අවුරුදු කුමර කුමාරි තරඟයක් නෙවෙයි. මේක ඉතම සරලයි. නමුත් අවසානයේදී ජයග්‍රාහකයින්ට අත් වෙන කීර්තියනම් සුලුපටු නැහැ. කවුද අකමැති සයිබරයේ සිහින කුමරා වෙන්න. එතකොට සයිබරයේ සිහින කුමරිය විදියට කිරුලු පලඳින්න.

මේක ඔයාලට හම්බ වෙන ඉතාම දුර්ලභ අවස්තාවක්. ආයේ මේ වගේ අවස්තා නොලැබෙන්නත් පුලුවනි. ඒක නිසා ඔන්න මේ අවස්තාවනම් මග හැරගන්න එපා.
දැන් අපි ඔය තරඟෙට ඉදිරිපත් වෙන්නෙ කොහොමද?
ඔයාලට ඔය වගේ ගැටලුවක් එන්න පුලුවන්. ඉන්න මන් කියන්නම්. මෙහෙමයි අපි උත්සවය දවසටත් මේ තරඟය සඳහා ලියාපඳිංචි කරගැනීම කරනවා. ඒත් තරඟයට සහභාගී වෙන්න කැමති අය දැන්ම තරඟය සඳහා ලියාපඳිංචි වෙනවනම් ඒක අපිට ලොකු පහසුවක්. ඒක නිසා අපි ඔයාලට දෙනවා ෆෝම් එකක්. ඒ ෆෝම් එක පුරවන්න. එච්චරයි. ඊට පස්සෙ පොඩ්ඩක් මේල් එහෙම එනවද කියලා බලන්න. මොකද තරඟය පිලිබඳ අලුත් තොරතුරු අපි මේල් මගින් දන්වන්න බලාපොරොත්තු වෙනවා.


තරඟයේ මූලික නීති රීති කොන්දේසි වගේම වැදගත්ම කරුණු ගැනත් මන් පොඩ්ඩක් කියන්නම්.
1.සියලුම අයදුම්කරන්නන් වයස අවුරුදු 18ත් 30ත් අතර වයස් පරාසයේ විය යුතුයි.
2. තරඟය සඳහා ඇඳුම ගැටලුවක් නොවේ. ඕනෑම ඇඳුමකින් සැරසී තරඟ වැදිය හැක.
3. තරඟය වට 4කින් සමන්විත වේ. සියලූම වටයන් උත්සවය දිනදීම පැවැත්වේ.
4. තරඟය අවසානයේදී සිහින කුමරා ලෙස එක් තරුණයෙකුත් සිහින කුමරිය ලෙස එක් තරුණියකුත් පමණක් තෝරාගනු ලැබේ.
5. විනිසුරුකරුවන්ගේ තීරණය අවසාන තීරණයයි.
6.තරඟයේ සියලූම නීති රීති පිලිබඳ අවසන් තීරණ සංවිධායක මණ්ඩලය සතු වන අතර ඒවා වෙනස් වීමකට භාජනය වුවහොත් ඔබට දැනුම් දීමක් සිදු කරනු ලැබේ.

ඔන්න ඔහොමයි ත‍රඟය පැවැත්වෙන්නෙ. තරඟයෙන් ජයග්‍රහණය කරන වාසනාවන්තයාට හා වාසනාවන්තියට වරම් ලැබෙනවා පළමු වතාවට සයිබරයේ සිහින කුමරා හා සයිබරයේ සිහින කුමරිය වශෙයෙන් කිරුලු දරන්නට.
එහෙනම් ඉතින් මේ විවෘත ආරාධනය අවුරුදු 18ත් 30ත් අතර රූමත් කඩවසම් තරුණ තරුණියන්ටයි. දැන්ම තරඟයට ලියාපඳිංචි වෙන්න. සයිබර් කුමරා ලෙස අභිශේක ලබන්නෙ කඩවසම් ඔබ වෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් සයිබරයේ සිහින කුමරිය ලෙස කිරුලු පලඳින්නෙ රූමත් නුඹ වෙන්නත් පුලුවන්. ලස්සනත් සමඟ වාසනාව උරගාන්න එන්න. මේ තරඟය මගේ නොවෙයි. සොඳුරු යෞවනයේ පසුවන ඔබගේයි.

පහත ඉල්ලිම් පත්‍රය පුරවා තරඟයට ලියාපඳිංචි වන්න. කරුණාකර සත්‍ය තොරතුරු පමණක් ඇතුලත් කරන්න. එමෙන්ම තරඟයට සහභාගී නොවී, හුදු විනෝදය සඳහා පමණක් අයදුම් පත පුරවා අපගේත් ඔබගේත් වටිනා කාලය අපතේ නොයවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

මෙම ත‍රඟය පිලිබඳ යම් ගැටලුවක් වෙතොත් පහත දුරකතන අංකයට අමතන්න.
අනුරාධ - 0775691443

23 comments:

Yasitha de Silva said...

ඔක්කොම තියෙනවා, කඩවසම් තමයි නෑත්තේ

සයිබරයේ අච්චාරු මුදලාලි said...

අර කිව්වත් වගේ කඩවසම් තමෛ නැත්තෙ!

මාරයාගේ හෝරාව said...

අඩේ මෙච්චර වෙලා මම මෙක් හරියට බැළුවේ නැහැනේ..
මේවානං එහෙං පිටින්ම කුමන්ත්‍රණ...

මේක තනිකරම මාව කපන්න කරපු වැඩක් හිටු..මං යනවා ජාත්‍යන්තරේට..කවුද මේකේ වයස් සීමා දාපු එකා...ඈ..

ඒ මදිවට සැබෑ තොරතුරුත් දෙන්නළු..හිටිං දෙවන්න..

Hipo said...

හික් හික්... මාරයියට වයස පිලිබද පුරශ්නයක්ද?

මාරයාගේ හෝරාව said...

බස් එකට එන්න හිපෝ..ඔයාටම තේරෙවී...

රසික කරුණාත්න said...

මාරයා මාර විදිහට කඩවසම්නේ... මාරයා තමයි මෙවර සයිබර් කුමරා

Unknown said...

ඔක්කොම තියෙනව කඩවසම් බවත් තියෙනව ඒත් පොඩි පොඩි අවුලක් තියනව බස්එකේ එන්න සල්ලිත් තියෙනව රු.100 ක් නෑ බං

චතුවා said...

ඕං දැම්මා මමත් ඇප්ලිකේෂන් එකක්... වෙන මොකටද.....

pavithra weerapperuma said...

ඒ ඔබ අවුරුදු 18ත් 30ත් අතර වයස් සීමාවේ සිටීම විතරයි.... තැන ඉදන් මම කියෙව්වෙ නෑ.. :/ මම තායි... බෑ.. එතකොට අපිට එන්න බෑනෙ.. ලොල්ය..

Anonymous said...

වයසත් හරි ..කඩ වහන්නත් පුලුවන් කඩ අරින්නත් පුලුවන් :D

jhothishalanka said...

හැබෑටම මේකේ වයස් සීමා දාපු කෙනාගේ මූන බලා ගන්න මටත් හරිම ආසයි.බැරිද ඕක 35 දක්වාවත් වැඩි කරන්න.

Thusitha (දිමා) said...

මචං නත්තල් සීය(අවුරුදු සීය) තොරන තරගයක් නැද්ද..
අපේ කස්ටියට...

Anonymous said...

30 පැන්නත් අපිත් කඩවසම් :P

Rajitha Abeysinghe said...

එස්.එම්.එස් වලින් තේරුවොත්නම් හොරට ගහගෙන හරි දිනනවා.:D

Anonymous said...

කොහොමෙන් හරි පණුවා ෆෝන් නම්බර් එක දුන්නා නේද

Anonymous said...

යාන්තං තිහේ ගැට්ටෙ ඉන්නෙ. කඩත් වසම් [අනේ මංද. මමනෙ කියන්නෙ] තනිකඩ වෙන්න ඕනදෝ.... දෙකඩ වෙච්ච උන්ට බැරිදෝ......

duliponline said...

තිස් හතර තිස් පහ කියන්නෙ හිරිමල් වයස නෙව . . . . . එහෙවු එවුවංව ගන්නැති අවුරුදු කුමාරයා ‍තෝරන තරඟ මොන අහවල් එකකට නං තියනවද මං අහන්නෙ ???

සංජු said...

ඉකේයියා වයස් සීමාව වැඩි කොරන්ඩෝ

රංග - මගේ ලෝකය said...

30 පැනපු උන් මං වගේ පකිස්තාන් උප්පැන්න හදන් එන්න

Anonymous said...

වයස් සිමාව හරිහට හිටල නෙව...මම එන්නද විනිශ්ච මණ්ඩලයට ...

සිහින ඉසව්ව said...

වයස තමා පුරස්නේ

Anonymous said...

රංගට හොර උප්පැන්නයක් විතරක් මදි. හොඳ මේකප් එකකුත් ඕනි වෙයි

Randika Sedara said...

අංකල්ලා ඇන්ටිලා .. වයස ප්‍රශ්නයක් කරගන්න එපා
හොර බර්ත් සෙටිෆිකට් හදන වැඩේ මම අඩුවට කරල දෙන්නම් :P

Post a Comment

Back to Top