24

අළුත් අවුරුද්දට සැරසෙමු...!

ඔන්න ඉතිං අවුරුද්දක් ගෙවිලා අළුත් අවුරුද්දක් උදාවෙන්නයි හදන්නේ. හැම අවුරුද්දක්ම වගේ මේ අවුරුද්දත් ගෙවිලා ගියා. මේ අවුරුද්දෙ වුන දේවල් ලබන අවුරුද්ද වෙද්දි අමතක වෙලා අළුත් දේවල් අපේ මතකයේ තැන්පත් වේවි. හැබැයි මේ අවුරුද්දේ බ්ලොග් ලියන කියවන අපිට කවදාවත් අමතක වෙන්නෙ නැති දවස් තුනක් තියෙනවා. ඒ තමයි ජනවාරි 27, අප්‍රේල් 21 සහ දෙසැම්බර් 21. ඒ විවිධ තැන් වල ඉන්න, රට රට වල සේවය කරන සිංහල බ්ලොග්කරුවන් එකට එකතු වෙලා කතාබහ කරලා විනෝද වුනු දවස් තුනක්. 


2011 අවුරුද්දෙ ඉඳලා හැම අවුරුද්දකම මේ වගේ දවස් කීපයක් අපේ මතකයට එකතු වෙනවා. එහෙම එකතු වෙන්න අවකාශ සලසන්නේ "බ්ලොග් අවකාශයේ මිතුරෝ" සහෘද එකමුතුව. "අන්තර්ජාලයෙන් ඔබ්බට ගිය වින්දනීය සහෝදරත්වය" කියන තේමාව පෙරදැරිව බ්ලොග් අවකාශයේ මිතුරෝ විවිධාකාරයේ සුහද හමු පවත්වනවා. එහි ප්‍රධානම හමුව විදියට සැලකෙන්නේ "සයිබර් සිහින බක්මහ උළෙල". ඒ වගේම මෙවැනි එකමුතුවක් ඇති වෙන්න මූලික කාරණයක් වුන "සමාජ සත්කාර වැඩසටහනකුත්" සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙනවා මේ වසරේ නැති වුනත්. මේ දක්වා අපි ආපු ගමන් මග ඉහල තියෙන අපි ගැන කියන ටැබ් එකට ගියොත් කියවන්න පුළුවන්.

ඉතින් මේ අවස්ථාව උදා වෙලා තියෙන්නේ ඔබට. විස්තර කරලා කිව්වොත් එළඹෙන 2014 අවුරුද්දේ "බ්ලොග් අවකාශයේ මිතුරෝ" සුක්කානම බාර අරගෙන අන්තර්ජාලයෙන් ඔබ්බට ගිය වින්දනීය සහෝදරත්වයේ බැඳීම් වර්ධනය කරන්න දායක වෙන්න කැමති ඔබට. පහුගිය අවුරුදු වල වගේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා නායකත්වය අරගෙන තවත් මේ වගේම මතකයන්, බැඳීම් ටිකක් අපේ ජීවිත වලට එකතු කරන්න ඔබත් කැමති නම්...... මෙන්න මේ ෆෝම් එක දෙසැම්බර් 31 වෙනිදාට කලින් පුරවලා ඔබේ කැමැත්ත පළ කරන්න. 


බය වෙන්න එපා. ලංකාව පුරාම ඉන්න සිය දහස් ගණනක් සහෘද බ්ලොග්කරුවන් වගේම පහුගිය අවුරුදු වල මේ වැඩ වල නායකත්වය දරපු බ්ලොග්කරුවන් ඔබට උදව් කරන්න ඔබේ පසුපසින් ඉන්නවා. එහෙමනම් අළුත් අවුරුද්දේ අළුත් වැඩ ටිකක් එක්ක හමු වෙමු. ඒ වගේම පහුගිය අවුරුද්දේ සංවිධායක මණ්ඩලයටත්, ඒ අයට උදව් දුන් හැමෝටමත් බොහොමත්ම ස්තුතියි.

යන්න කලින් අපි අන්තිමට හමුවුන දවසේ මතකයන් ටිකක් ගැන ඔත්තුවක් දෙන්නයි මේ හදන්නේ.

මෙන්න පින්තූර ඇල්බම්.
01. ජනරඟ 
02. සිහින 
03. බනී 01 
04. බනී 02 
05. වෙනිවැල් 01 
06. වෙනිවැල් 02
07. යසන්ත 
08. දේව
09. අයේෂා 01 
10. අයේෂා 02 
11. තරුවා 
12. සසිඳු 01
13. සසිඳු 02 
(සමූහ ඇල්බම් දමා ඇති නිසා එකම ඇල්බම් එක තැන් දෙකක ටැග් වී තිබිය හැක)

බ්ලොග් පෝස්ට්
01. ලියන්නා
02. සිතැඟියාව 
03. තහනම් අඩවිය
04. හත්පෙති මල 
05. අටම්පහුර  
06. මුදියා නොහොත් සමියා 
07. සිතුවිලි හන්තාන 
08. සසිඳු 
09. බොර දියක ඉඳුවර 
10. දේව්ගේ අඩවිය 
11. සුවිසැරිය 
12. අඟහරු අඩවිය
13. නදී නිම්නය 
14. ඇවිද්ද පය 

 වීඩියෝ


03. ගයාන් තාරක
04. අනුෂ්ක ලක්මාල්
05. සුවිසැරිය
06. ගෙම්බාගේ ගීතය

පත්තරේ විස්තරේ
01. දිනමිණ
මේ දන්න ටික. තව තියෙනවා නං කමෙන්ට් කරන්න. එහෙමනම් අළුත් අවුරුද්දේ අළුත් නායකත්වයක් එක්ක හමුවෙමු. 

සුබ නත්තලක්....! සුබ අළුත් අවුරුද්දක්....!
40

ස්තූතියි...!!!

නිමාවිය එ දවස
තියාගනු මතකය
සිනාවක පෙරමග
හැමදාම ඉමු අප....

2013 වසරේ වැඩ නිමා කරමින්.. මෙන්න වාර්ෂික වාර්තාව සහ මූල්‍ය වාර්තාව

උදේ ඉඳන්, සොඳුරු වැල්ලක... මිතුරන් සමඟ එක්වීමූ.. හඳුනා ගතිමු.රැඳුණු. කෙළි සෙල්ලම් කළෙමු.. සතුටු වුණෙමු. පැමිණි , එන්නට කැමැතෙන් සිට එන්නට බැරිවුණු හැමට ස්තුතියි..
 මිහිරි මතක එක්කම දැන් අපි සමුගනිමු.. 
 බක් මහට යළි හමුවනු පිණිස..


පැහැදිළි සේයාරූ ලැබෙන තුරු

සිහින සාදය හෙටයි

 ඉතින් හෙටයි ඒ උඳුවප් 21
ඔබ පැමිණිය යුතු සුන්දරම දිනය..
අපි බලා සිටිනවා සියලු මිතුරන් දැක ගන්න
සාමාජික අංක ඇතත් නැතත් හෙට එන්න..
ඔබ සයිබරයේ සිහින ලියන්නෙක් නම්
ඔබට හෙට ගල්කිස්සේ වෙරළ තීරය විවෘතයි..
ජො ජෝ ස් ප්ලේස් වෙතට එන හැටි.. 
නොදන්නවා නම්, සිතියම බලන්න
සාමාජික අංකය අමතක නම්.... මෙතනට යන්න.. 

හෙට දවසේ පාර එහෙම වැරදුණොත්, මේ අයට අමතන්න.

දුලිප් සිකුරාජපති - 0777 043 804 / 0717 606 166
 


හරියටම හෙට උදේ 9 ට... ගල්කිස්ස ජො ජෝස් ප්ලේස් වෙරළට එන්න..

නිල මාධ්‍ය අනුග්‍රහය... හැමදාමත් වගේ බස් රේඩියෝ.. සංවිධානය  බ්ලොග් අවකාශයේ මිතුරෝ


ඕනෑ කරන සියලු තොරතුරු දැනගන්න... මෙතනින්





30

සිහින සාදයට තව දවස් 18 යි.

එන්න එන්නම, දවස් කිට්ටු වෙනවා. දැන් හැමෝම ලහි ලහියෙ Cyber Mega Beach Party ගැන තොරතුරු විමසන්න පටන් අරන්. මේ වෙනකොට සහභාගීත්ව පෝරමය පුරවපු හැම කෙනකුටම අපි සහභාගිත්ව අංකයක් යවලා තියෙන්නෙ. පෝරමය පුරවා එය නොලැබුණා නම්, ඔබේ දත්ත වල වරදක්.

ඉතින් අපි ලබා දුන් අංකය එදිනට මතක තියාගෙන එන්න පුළුවන් නම්, ඉතා වේගයෙන් ලියාපදිංචි කටයුතු කරගන්න පහසු වෙනවා. ඔබේ පැමිණීම ඉතාම වටිනවා. ඒ නිසාම එනවා නම් මේ දින කිහිපය ඇතුළෙ සහභාගිත්ව පෝරමය පුරවන්නට ආරාධනා කරනවා.

හරියටම උදෑසන 9 වෙනකොට නිල වශයෙන් උත්සවයේ කටයුතු ඇරඹෙනවා. ඒත් දුර බැහැර ඉඳන් එන යාළුවො වෙනුවෙන් අපි උදෑසන 10 වෙනතුරු කල්වේලා ලබා දෙනවා. සවස 3 ට උත්සවයේ නිල සමාප්තිය සටහන් වෙනවා. එහෙමයි කියලා කවුරුත් දුවන්න ඕනෙ නෑ.. දවස පුරාම වෙරළ අයිති අපිට. Party එකෙන් අනතුරුව සුන්දර ගිනිමැල සාදයකුත් පැවැත්වෙන බව වටින් ගොඩින් ආරංචියි.

ඔබ මින් පෙර බොහෝ සයිබර් උත්සව වලට ගිහින් ඇති. හැබැයි මේ උත්සවය, ඒ උත්සව වල නැති විවිධාංග කිහිපයක් මේ උත්සවයට එකතු කරන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා. ඇවිත්ම බලන්න.

ඉතින් වැඩි විස්තර දැන ගන්න, සයිබර් අවකාශයේ නිල රේඩියෝව වන බස් රේඩියෝ සමඟින් නිරන්තරව රැඳී ඉන්න.

21 වෙනිදා ගල්කිස්සෙ ජො ජො ස් ප්ලේස් වෙත එන්න ඇඟිලි ගනින්න.


ඔබේ සාමාජික අංකය මෙතනින් බලා ගැනීමට හැකියාව දැන් ලැබී තිබෙනවා. මෙතන ඔබගේ අංකය නැති නම්, නුඹ පෝරමය පුරවා නැති අතර එය පිරවීමට මතක තබා ගන්න. දෙවරක් පිරවීම අනවශ්‍යයි.


46

ඇත්තද සයිබර් යාළුවො ආයෙ Set වෙනවා කියන්නෙ?

 ගිනියම් ඉර ........ සඳ සිසිලස ............අතරේ හොයනවා හොයනවා අපි අපි කවුරුද?





වෙහෙස කාරී ජීවිතේ ඉන්න අතරෙම.. ඔබට ඉතිං කොහොමද?


සයිබර් අවකාශයේ බ්ලොග් ලියන සහ රසවිඳින ඔබ හැමෝම ප්‍රමාණයෙන් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නැහැනෙ. හැමදාමත් මිතුරු හවුල් වලට අලුත් අලුත් යාළුවො එකතු වෙනවා. ඉතින් හැමෝම දැන හඳුනා ගැනීම ඇත්තටම වැදගත්.සයිබරයේ යාළුකම් කොයි තරම් සොඳුරුද කියලා ඔබ දන්නවානෙ.


ටික ටික දෙනා එකතුවෙලා බිම් මට්ටමේ පුංචි පුංචි උත්සව අවුරුද්ද පුරාම ගත්තාට මොකද, 2013 සිහින සයිබර් සැණකෙළියෙන් පස්සෙ අපිට ආයෙත් හැමෝටම එකතු වෙන අවස්ථාවක් නිර්මාණය කරන්න බැරි වුණානෙ. ඉතින් අපි හිතුවා නිවාඩු උඳුවප් මාසෙ ඒකට සුදුසුම කාලය කියලා..දුර ඈත රටවල්වල ඉන්න යාළුවොත් මේ කාලෙට ලංකාවට එන විත්තිය අපි දන්නවානෙ. ඉතිං දැන් අපි දිගටම වැඩ.


මේ වෙනකොට එක එක තැන් වල අපි Cyber Get to gather සංකල්පයෙ උත්සව නිර්මාණය කරලා තිබෙනවා. හැබැයි මෙවර ඒ උත්සවයට නව අර්ථ කථනයක් දෙන්න අපි සූදානම්.

එසේ නම් සුන්දර සාදයේ ආරාධනාව................................. ඔබ හැමටමයි

ලෝගෝව නිර්මාණය ලිෂාන් පුවක්ඕවිට ගෙනි


පුංචි අය වගේ ආසා ද වැලි සෙල්ලම් කරන්න, මුහුදෙ නාන්න, විනෝද වෙන්න, එකිනෙකා හඳුනා ගන්න, කතා බහ කරන්න , ගී ගයන්න, නටන්න ......... ඒ වගේම පොටෝ උන්මාදයටත් තව තව දේවල් හුඟක් දේවල් වලටත් හොඳම තැන වෙරළ තීරය.. ඒ නිසාමයි මෙවර අපි Beach Party සංකල්පයට ගියෙ... ඔබ වෙනුවෙන්ම.


ලංකාව දූපතක් තමයි.., රට වටේම වෙරළ තීරයකුත් තියනවා ... ඒත් අපි හැමෝටම එකම මොහොතක එකතු වෙන්න පුළුවන් එක තැනක් ඕනෙ කරන නිසා, හැමෝටම පහසු වෙන්න අපි ගල්කිස්ස ප්‍රදේශය තෝරා ගත්තා. 

ගල්කිස්ස ජෝ ජෝ'ස් ප්ලේස් ( Jo Jo's Place in Mount Lavinia ) වල තමයි මේ උත්සවය සංවිධානය කෙරෙන්නෙ. විශේෂයෙන්ම සනීපාරක්ෂක පහසුකම් සහ උත්සවය සඳහා පැමිණෙන ගැහැණු ළමයින්ගේ ආරාක්ෂාව තහවුරු කළ හැකි ස්ථානයක් ලෙස මෙතැන හඳුන්වන්න පුළුවනි.

නත්තල් කාලෙ හැමතැනම උත්සවනෙ. හැමෝටමත් උත්සව. මේකත් ඉතින් ජීවිතයට අමතක නොවන වටිනා කියන සරණකෙළියක්. ඒ නිසාම  සොඳුරු යාළුවො රැසක් සමඟ නත්තල් කාලය පටන් ගන්න ඔබට අවස්ථාවක් දෙන්න අපි හිතුවා. ඒ නිසාමයි මේ සොඳුරු Beach Party ය දෙසැම්බර් 21 වෙනිදා තියන්නට සංවිධායක මණ්ඩලය තීරණය කළේ.

උදෑසන 8 වෙනකොට ඔබ ජෝ ජෝ ගෙ නවාතැනට එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම, නිල වශයෙන් මේ සොඳුරු සැණකෙළිය සවස 4 ට නිමා වෙන නිසා, දුර බැහැර සිටින ඔබට කරදරයක් නැතුව ගෙදර යන්නත් පුළුවන්.  කැමති නම් රාත්‍රිය ගෙවෙනතුරු රැඳෙන්නත් පුළුවන්.

ඒ විතරක් නෙවෙයි, හැමෝටම එකතු වෙලා කළ හැකි ක්‍රීඩා කිහිපයකුත් අපි සංවිධානය කරන්න බලාපොරොත්තු. ඒ ගැන විස්තර ඉදිරියෙදි කියන්නම්.

කෑමට බීමට සහ ස්ථානය මිලදී ගන්න වගේම, අවශ්‍ය අනෙක් වියදම් පියවා ගන්න රු 350 ක ප්‍රවේශ පතක් නිකුත් කරනවා.



ඉතින් සතුටු වෙන්න.. යාළුවො හඳුන ගන්න.. ඒ සුන්දර ගල්කිස්ස වෙරළ තීරයට එන්නෙ මෙන්න මේ විදිහට..




වැඩි විස්තර හදිස්සි නම්, මේ අයට පුංචි call එකක් දෙන්න.
දුලිප් සිකුරාජපති - 0777 043 804 / 0717 606 166
 
එහෙමනම්.. 2013 දෙසැම්බර් 21 වෙන කිසිම වැඩක් යොදා ගන්න එපා. එදාට උදේ 8 ඉඳන් මුලු දවසම.. ගල්කිස්සෙ මුහුදු තීරයේ සයිබර් සිහින රජ කරවමු.. තව හොඳ හොඳ තොරතුරු සහ වැදගත් දේ පසුවට..

මෙන්න මෙතනට ගිහින පැමිණිම තහවුරු කරන්න.

20

ස්තුතියි...!


බ්ලොග් අවකාශයේ තුන්වෙනි සයිබර් සිහින බක් මහ උළෙල වෙනුවෙන්,

මහන්සි වුනු,

උදවු කරපු,

අගය කරපු,

විවේචනය කරපු,

ආපු,

ආවේ නැති,

හැම කෙනෙක්ටම.....


බොහොමත්ම ස්තුතියි.....

ආයෙත් මේ වාගේ සුන්දර දවසක මුණගැහෙමු....


8

තව පැය 48 යි... කට්ටියම ලෑස්තිද?

ඔන්න සයිබර් සිහින බක් මහ උළෙල ආරම්භ වෙන්න තියෙන්නේ තව පැය 48 කටත් අඩු කාලයක්. දැන් හැම කෙනෙක්ම ලෑස්තිනේ?

එන හැම කෙනෙක්ම සාදරයෙන් පිළිගන්න ජාතික තරුණ මධ්‍යස්ථානය දැන් ඉඳලම ලහි ලහියේ සුදානම් වෙනවා. එක තැනක සමරු කලාප, ප්‍රවේශපත්‍ර මුද්‍රණය වෙද්දී තව තැනක කෑම බීම සුදානම් කෙරෙනවා. සමහර උදවිය මුට්ටි, කඹ එහෙම හොයනව කියලයි ආරංචි.

ඒ ඔක්කොම අනිද්දා (21) පැවැත්වෙන සයිබර් සිහින බැක් මහා උළෙල වෙනුවෙන්. එදාට එන දයාබර ඔබ වෙනුවෙන්.
මතකයිනේ මූලික විස්තර? අමතක නම් මෙතනින් ගිහින් කියවල එන්නකෝ.

ඔන්න එදාට එන හැමෝටම ඇතුල් වෙන තැනදී රෙඩ් බුල් එකක් ලබා දෙන්න රෙඩ් බුල් කණ්ඩායම අපිත් එක්ක එකතු වෙනවා. ඒ වගේම සමරු කලාපයේ පිටපතකුත් ලබා දෙන්න කටයුතු යොදලයි තියෙන්නේ.

ඒ වගේම බ්ලොග් කියවන රසිකාවියක් වන යශෝධා ට සහයක් වන්නටත් එදාට ඔබට අවස්ථාව ලබෙනවා.

මේ තවත් පොඩි විස්තර ටිකක්. මේ ගැනත් අවධානය යොමු කලොත් හොඳයි.

උපුටා ගැනීම.

ඔබ දන්නා පරිදි මෙවර සයිබර් සිහින බක් මහ උළෙල පැවැත්වෙන්නේ මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයේදීය. ජාතික මට්ටමේ රාජ්‍ය ආයතනයක් වන බැවින් ජාතික තරුණ මධ්‍යස්ථානයට පැමිණීමේදී පහත සඳහන් කරුණු පිලිබඳ සැලකිලිමත් වීම වැදගත්ය.

01) ඔබ උත්සව භූමියට පැමිණෙන්නේ ඔබගේ වාහනයකින් නම් එහි වර්ගය (කාර්, වෑන් ආදී වශයෙන්) සහ අංකය අද (19) දවල් 12 ට පෙර ඊමේල් මගින් අප වෙත ලබා දෙන්න. එමගින් රථ වාහන ඇතුල් කිරීමේදී ඇති වන බාධා අවම කරගත හැකිය.
නිල ඊමේල් ලිපිනය - cybernewyearfestival2011@gmail.com

02) ජාතික තරුණ මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක වන විනය නීති මාලාවක් පවතින අතර එහි ආරක්ෂාව පිලිබඳ කටයුතු කරනු ලබන්නේ එහි ආරක්ෂක අංශය මගිනි. එබැවින් සයිබර් සිහින උළෙලට බාධා විය හැකි හැසිරීම් වලින් වැළකී සිටින මෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

03) ජාතික තරුණ මධ්‍යස්ථාන භූමියට මත්පැන් සහ මත්ද්‍රව්‍ය රැගෙන ඒම සම්පුර්ණයෙන් තහනම් වන අතර ආයතනයෙන් පිටතදී ඒ සඳහා අවශ්‍ය කටයුතු සලසා ගන්න මෙන් ඉල්ලා සිටිමු.

04) පස්වරු 4.00 ට අපගේ වැඩසටහන් අවසන් කල යුතු බැවින් නියමිත වෙලාවට (පෙ.ව. 9.00) උත්සවය ආරම්භ කිරීම සඳහා ඔබගේ සහයෝගය ලබා දෙන්න. පෙරවරු 8.00 සිට ඔබට උත්සව භූමියට පිවිසිය හැකිය. ඒ සඳහා මහරගම බස් නැවතුම ඉදිරිපිට ජාතික තරුණ මධ්‍යස්ථානයේ ප්‍රධාන දොරටුව භාවිතා කරන්න.

ස්තුතියි.

සංවිධායක මණ්ඩලය
උපුටා ගැනීම අවසන්.

ඊට කලින්... මේ වෙනකම් ෆෝම් එක පුරවලා නැත්නම් දැන් ගිහින් පුරවන්නකෝ.

දන්නවනේ, මේ සැරෙත් නිල මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ බස් රේඩියෝව. සිහින උළෙලට එන්න බැරි වෙන අයට එදා උදේ 9.00 ඉඳලා හවස 4.00 වෙනකම් එතන සිද්ධ වෙන හැම දෙයක්ම සජීවීව බස් රේඩියෝවෙන් අහන්න අවස්ථාව බස් රේඩියෝ ලබා දෙනවා. කරන්න තියෙන්නේ www.buzzradio.lk වෙත පිවිසෙන එක විතරයි.

එහෙනං අප්‍රේල් 21 වෙනිදාට හමුවෙමු. 
65

හැංගි හැංගි වෙස් බැඳලා එළිපිට නටන්න සුදානම....

ඔන්න හැමෝම බලාගෙන හිටපු මේ අවුරුද්දේ සයිබර් සිහින බක්මහ උළෙලේ විස්තර...

බ්ලොග් අවකාශයේ මිතුරෝ, ජාතික තරුණ සේවා සභාවේ සම අනුග්‍රහයෙන් පවත්වන, 

සදාකාලික සහෝදරත්වයේ වින්දනීය හදගැස්ම 

2013 සයිබර් සිහින බක්මහ උළෙල , 

අප්‍රේල් මාසෙ 21 වෙනිදා ( කාටත් පහසු නිවාඩු ඉරිදා දවසෙ)

උදේ 9 ඉඳන් හවස 4 වෙනතුරු, 

මහරගම ජාතික තරුණ සේව සභා පිටියේ දී 

පැවැත්වෙනවා. 



උළෙලට ඇතුළත් වීමේ ගාස්තුව ලෙස රුපියල් 200ක ප්‍රවේශ පතක් නිකුත් කෙරෙන අතර, සහභාගි වන සැමටම දිවා ආහාරය සහ සමරු කලාපයේ පිටපතක් ලබා දෙන්න දැනටමත් සංවිධායක මණ්ඩලය තීරණය කරලයි තිබෙන්නෙ. සමරු කලාපයේ ඔබගේ දැන්වීමක් පලකරවා ගැනීමට කැමති අය මාර්තු 31 වෙනිදට කලින් අපිට ඊමේල් එකක් එවන්න.

cybernewyearfestival2011@gmail.com

තරඟ ඉසව් බොහෝමයක් ඔබ වෙනුවෙන්ම අපි නිර්මාණය කරලා තියෙනවා. සුපුරුදු විදිහටම කණාමුට්ටි බිඳීම මෙවරත් තියෙනවා ඔන්න. බඩගිනිකාරයන්ගේ තරඟය වන බනිස් කෑමේ ඉසව්වට මෙවරත් සෑහෙන දෙනෙක් එයි කියලා අපි හිතනවා. අවුරුදු උත්සවයේ නැතිවම බැරි අලියාට ඇහැ තැබීම සහ සැඟවුණ අමුත්තා හෙවීමත් මෙවර බක්මහ උළෙලේ විශේෂ තැනක් ගනී කියලා අපි හිතනවා. 

වේගය ගැන හැමදාම බැනුම් අහන  අන්තර්ජාලයේ වේගවත්ම තරුණයා හා තරුණිය හොයන්න මෙවරත් මීටර් 100 කාන්තා පිරිමි තරඟ දෙකම ඔන්න තියෙනවා. දෙන්නෙක් එක්ක තුන් පා දුවන්නත් තමන්ගෙම උස ඇති කෙනෙක්ව හොයා ගන්න. ඇයි යෝගට් කැවීමේ තරඟයත් මේ පාර තියෙනවා. බැලුම් පුපුරවන්න කැමති අය දැන්මම පුහුණුවීම් පටන් ගන්න.


වසරේ සමබරම කෙනා තෝරන්න, දෙහි ගෙඩිය හැන්ද මත තබාගෙන දුවන තරඟය මෙවරත් තියෙනවා. සංගීත තොප්පි තරඟය සහ කඹ  ඇඳීම මේ පාරත් අවුරුදු උත්සවයේ සතුට සමගිය වැඩි කරයි කියලා හිතනවා. 

ඒ එක්ක හඳුන්වා දෙන අලුත්ම තරඟ ඉසව්ව තමයි ජන ගායනා තරඟය. දැන්ම ඉඳන්ම පුරුදු වුණොත්, හොඳම ජන ගායනවාව ඉදිරිපත් කරන්න පුළුවන් වේවි ඔබට එදාට.. ඔබේම ලේඛන හැකියාවන් මැන බලන නිර්මාණ තරඟයේ ප්‍රතිඵලත් සිහින උළෙල දවසෙම ලබා දෙන්න සංවිධායක මඩුල්ල කටයුතු කරනවා.


බ්ලොග් අවකාශයේ මිතුරෝ ටී ෂර්ට් එක අවුරුදු උත්සවයට සමගාමීව නිර්මාණය කෙරෙනවා. ඉන් ලැබෙන ආදායමක් වෙතොත් එය, යොදවන්නේ 2013 වසරේ ඉදිරියට කිරීමට නියමිත සමාජ සත්කාරයටයි. ඔබත් ටී ෂර්ට් එකක් ගන්න හිතාගෙන ඉන්නවනම් ඉක්මනට මේ ෆෝරම් එක පුරවන්න. කොලර් සහිත සුදු පාට ටී ෂර්ට් එකක බ්ලොග් අවකාශයේ මිතුරෝ ලාංඡනය මුද්‍රණය කරපු ටී ෂර්ට් එකක් තමයි නිර්මාණය වෙන්නේ.

කට්ටියම බලාගෙන ඉන්න දෙයක් අපි අතින් කියවුණේ නෑ නේද? හරි හරි අපි දන්නවා.. 2013 සයිබර් සිහින කුමරිය සහ කුමරු මෙවරත් අභිෂේක ලබනවා. ඒ සඳහා තරඟයට ඉදිරිපත්වෙන්න පුලුවන් වයස අවුරුදු 30 ට අඩු අවිවාහක ගැහැණු ළමයින්ට සහ පිරිමි ළමයින්ට. ඔබ තරඟයට ඉදිරිපත් වෙනවා නම් මේ අයැදුම්පත පුරවන්න.


උත්සවයට එන හැමෝම, සංවිධායක මණ්ඩලයේ පහසුව පිණිස මෙම අයැදුම් පත පුරවන්න. එය කළමානාකාරීත්වයට මනා රුකුලක් වේවි. 

මහර ගම තරුණ සේවා සභා පිටියට එන විදිහ

කොළඹ කොටුවෙ ස්ටේෂන් එක ඉස්සරහින් 138 බස් එකක නැගල මහරගම නගරයෙන් බහින්න. වෙන පළාත් වලින් එන අයට මගපෙන්වීමක් ඉදිරියේදී කරනවා. 

තැන හොයාගන්න හරි ලේසි.


View Larger Map
එහෙනම්, ඔබ හැමෝම එයි කියලා අපි මග බලාගෙන ඉන්නවා.

බ්ලොග් ලියන අය, කියවන අය, ලියන්න හිතාගෙන ඉන්න අය, ලියලා ඇති වෙලා ඉන්න අය, පරණ අය, අලුත් අය... 

සයිබර් ලෝකයේ ලොකු පොඩි හැමෝම

ලයික් වලින් කමෙන්ට් වලින් මිදිලා, ඇත්තටම කතා කරන සුන්දර දවසක් දකිමු. 

රට ගිය ඇත්තොත්, අවුරුද්දට ගම රට එන්න දැන්ම ටිකට් බුක් කරන්න. 

පරණ තරහ මරහ තිබුණා නම් ඒ ඔක්කොම අමතක කරලා, 

2013 සිහින බක්මහ උළෙලෙදි අපි හැමෝම අලුත් වෙමු. 

ඊට කලින් මෙන්න මේ බොත්තම ඔබල සයිබර් සිහින උළෙලේ විජට් එක ඔයාලගේ බ්ලොග් එකෙත් එල්ලගන්න. ඒක ඔයාලගේ බ්ලොග් එක කියවන අයට හොඳ පණිවිඩයක් වගේම සයිබර් සිහින උළෙල ගැන හොඳ ප්‍රචාරයක් වෙයි.











හෝ HTML/JavaScript විජේට්ටුව මගින් බ්ලොග් එකට ඇතුල් කිරීමට









මේ සැරේ සයිබර් සිහින උළෙලට ශ්‍රමයෙන් උදවු කරන්න කැමති තරුණ බ්ලොග්කරුවන්ටයි මේ ආරාධනය. ඔබේ විස්තර සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් සමග අපට ඉක්මනට ඊමේල් කරන්න.

cybernewyearfestival2011@gmail.com

එහෙනං අප්‍රියෙල් මාසේ 21 වෙනි ඉරිදට හදිගැහෙමු...
21

කට්ටියම ලෑස්තියි නේද? අවුරුදු උත්සවේ ළඟ ලඟම එනවා...

ඔන්න අපි හැමෝම බලාගෙන ඉන්න 2013 අවුරුද්දේ "සයිබර් සිහින බක්මහ උළෙල" ළඟ ලඟම එනවා.

දවස මතකයිනේ.
අප්‍රේල් මාසේ 21 වෙනි ඉරිදා....
තැන.....
හැමෝටම යන්න එන්න පුළුවන් තැනක්...

මහරගම ජාතික තරුණසේවා සභා ක්‍රීඩාංගනය

වෙලාව....
උදේ 9.00 ට...

"සදාකාලික සහෝදරත්වයේ වින්දනීය හදගැස්ම"
සයිබර් සිහින උළෙල 2013 


පරණ කට්ටියයි අලුත් කට්ටියයි හැමෝම එදාට ඇවිත් ඉඳියි කියල බ්ලොග් අවකාශයේ මිතුරෝ බලාපොරොත්තු වෙනවා.

සියලු පහසුකම් සහිතව ක්‍රීඩා පිටිය වෙන් කරලා දුන්නේ ජාතික තරුණ සේවා සභාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ මිලින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමාට බ්ලොග් අවකාශයේ මිතුරෝ බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.

එදාට ඇවිත් විතරක් මදි. ඊට කලින් කරන්න දේවල් ටිකකුත් තියනවා. 

පලවෙනි එක තමයි නිර්මාණ තරඟය. නිර්මාණ භාරගැනීම මේ මාසේ (මාර්තු) 15 වෙනිදායින් අවසන් වෙනවා. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට ඔබේ නිර්මාණය එවන්න.

ඊළඟ කාරණය තමයි අනුග්‍රහය දැක්වීම. මේ වෙනකොටත් සමහර තෑගී වගේ දේවල් වලට අනුග්‍රහය දක්වන්න අපේ සහෝදර බ්ලොග්කරුවන් කැමැත්ත පලකරලා තියනවා. නමුත් තවදුරටත් සයිබර් සිහින උළෙලට සහයෝගය දක්වන්න ඔබට පුළුවන්. මුදලින් සහ ශ්‍රමයෙන්.

ඒ වගේම සමරු කලාපයට දායකත්වය ලබා දෙන්නත් පුළුවන්. ඒකට අවස්ථාව ලැබෙන්නේ මාර්තු 30 වෙනිදා වෙනකම් විතරයි. ඔබගේ දායකත්වය ලබාදෙන්න කැමැත්ත පළකරපු අයට සංවිධායක මණ්ඩලයෙන් ඊමේල් ලිපියක් ලැබුනේ නැත්නම් අපගේ නිල ඊමේල් ලිපිනයට ඊයක් එවන්න.


cybernewyearfestival2011@gmail.com





අවසාන වශයෙන් අලුත්ම කාරණය. ඒ තමයි මෙවර සයිබර් සිහින උළෙලට සමගාමීව ටී ෂර්ට් එකක් මුද්‍රණය කරන්න යෝජනාවක් ඉදිරිපත් වෙලා තියනවා. කොලරය සහිත සුදු පාට ටී ෂර්ට් එකේ බ්ලොග් අවකාශයේ මිතුරෝ ලාංඡනය මුද්‍රණය කරන්න තමයි අදහස් කරන්නේ. එකක් සඳහා රුපියල් 1000 කට අසන්න මුදලක් වැය වේවි. 

නමුත් මේ කටයුත්ත සිද්ධ වෙන්නේ අවම වශයෙන් 50 දෙනෙක්වත් ටී ෂර්ට් මිලදී ගන්නවානම් විතරයි. ඒ නිසා ඔබත් ටී ෂර්ට් එකක් මිලදී ගැනීමට අදහස් කරනවානම් මේ ෆෝරමය පුරවල ඔබේ කැමැත්ත පලකරන්න.

ඒ වගේම ඔබගේ අදහස්, යෝජනා සහ සයිබර් සිහින උළෙලට දායකත්වය ලබා දෙන්න කැමතිනම් ඒ ගැනත් බ්ලොග් අවකාශයේ මිතුරෝ නිල ඊමේල් ලිපිනයට ඊයක් මගින් දැනුම් දෙන්න.
cybernewyearfestival2011@gmail.com

එහෙනම් අප්‍රේල් 21 වෙනිදට හමුවෙමු. ලෑස්ති වෙලා ඉන්නකෝ... ඔය සයුරෙන් එතෙර ඉන්න කට්ටිය දැන්මම ටිකට් වෙන්කරගත්තොත් හොඳයි නේද....?
9

2013 සයිබර් සිහින උළෙලේ සමරු කලාපය


දයාබර සොයුර/සොයුරිය,
ඔබ සියලු දෙනා දන්නා පරිදි ලොව පුරා වෙසෙන සිංහල භාෂාවෙන් බ්ලොග්කරණයේ යෙදෙන මිතුරු මිතුරියන් එක්ව “සයිබර් සිහින බක්මහ උළෙල” නමින් සුහද හමුවක් සහ ඊට සමගාමීව සමාජ සත්කාර වැඩසටහනක් වාර්ෂිකව පවත්වනු ලබයි. ඒ අනුව මෙවර “සයිබර් සිහින බක්මහ උළෙල”  2013 අප්‍රේල් මස 21 වන දින (ඉරිදා) කොළඹදී පැවැත්වීමට බ්ලොග් අවකාශයේ මිතුරෝ 2013 සංවිධායක මණ්ඩලය කටයුතු යොදා ඇත.
පසුගිය වසර දෙක තුළ පවත්වනු ලැබූ බක්මහ උළෙල සහ සමාජ සත්කාර වැඩසටහන් වලදී සියලු සංවිධාන දායකත්වයන් සහ මුල්‍යමය දායකත්වයන් සපයනු ලැබුවේ ලොව දසදෙස විසිරී සිටින දයාබර ඔබ සියලු දෙනා විසිනි. පසුගිය වසර දෙක පුරා ඔබා සියලුදෙනා විසින් දක්වන ලද සියලු දායකත්වයන් පිලිබඳ බ්ලොග් අවකාශයේ මිතුරෝ වර්තමාන සංවිධායක මණ්ඩලයේ ස්තුතිය පුදකරනු කැමැත්තෙමු.
එමෙන්ම පසුගිය වසර දෙකේදී මෙන්ම මෙවරත් අප්‍රේල් 21 වන දින පැවැත්වෙන සයිබර් සිහින උළෙල සාර්ථක කරගැනීම සඳහා ඔබගේ සහභාගිත්වය සහ සහයෝගය ගෞරවයෙන් අපේක්ෂා කරමු.
මෙවරද සයිබර් සිහින උළෙලේ වියදම් ආවරණය කරගැනීමට බලාපොරොත්තු වන්නේ සමරු කලාපයක් මුද්‍රණය කිරීමෙන් සහ ඔබගෙන් ලැබෙන මුල්‍ය අනුග්‍රාහකත්වයන්ගෙනි.
2013 සයිබර් සිහින උළෙල වෙනුවෙන් මුද්‍රණය කිරීමට බලාපොරොත්තු වන සමරු කලාපයේ මුදල් වටිනාකම් මෙසේය.
01) මුල් පිටුවේ පසුපස, පසු පිට සහ පසු පිට ඇතුල් පැත්ත - රු 5000.00
02) සම්පුර්ණ පිටුවක් - රු 2000.00
03) පිටු භාගයක් - රු 1000.00
04) පිටුවකින් ¼ - රු 500.00

මෙයට අමතරව ත්‍යාග සඳහා අනුග්‍රහය ලබාදීමටද හැකියාව ඇත. 

මෙවර සයිබර් සිහින බක් මහ උළෙලේ සමරු කලාපය සඳහා දායක වීමට ඔබ කැමතිනම් මෙම පෝරමය පුරවා සහයෝගය දක්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. 

වෙනත් මුල්‍ය දායකත්වයන් ලබා දීමට ඔබ කැමතිනම්cybernewyearfestival2011@gmail.com වෙත ඊමේල් පණිවිඩයක් යොමු කරන්න.

ස්තුතියි.
මෙයට,
බ්ලොග් අවකාශයේ මිතුරෝ 2013 සංවිධායක මණ්ඩලය 
28

ඉක්මනට එන්ඩෝ.... මෙන්න පටන්ගත්තෝ......

ඔන්න කවුරුත් ගම්පහ පැත්තේ ගිහිල්ල අලුත් අවුරුද්දේ අමතක නොවෙන අත්දැකීමක් ලබල ඇවිත් ඉන්න වෙලාවේ තවත් අලුත් ආරංචියක් කියන්නයි මේ සුදානම් වෙන්නේ...

මතකයිනේ... 2011 දීත්, 2012 දීත් අපි බ්ලොග්කරුවන්ගේ මහා මංගල්‍යය "සයිබර් සිහින උළෙල" බොහොම සුන්දර විදියට පැවැත්තුවා. 

ඔන්න මේ පාරත් සිංහල අලුත් අවුරුද්දට අපි හැමෝම එකතුවෙලා තවත් අමතක නොවෙන දවසක් ගත කරන්නයි යන්නේ. ඒ තමයි......

"සදාකාලික සහෝදරත්වයේ වින්දනීය හදගැස්ම"
සයිබර් සිහින උළෙල 2013 

දවස මතකයිනේ......
2013 අප්‍රේල් මාසේ 21 වෙනි ඉරිදා....

තැන..... කොළඹ....
කොතනද කියල ළඟදීම කියන්නම්...


කොහොම වුනත්, බ්ලොග් ලියන කියවන හැමකෙනෙක්ම එදාට එයි කියල බ්ලොග් අවකාශයේ මිතුරෝ බලාපොරොත්තු වෙනවා. 


දැන් ඉඳලම දිනේ වෙන්කරලා තියාගන්නකෝ. අවුරුද්දට ලංකාවට එන්න හිතාගන ඉන්න එතෙර උදවියත් ඒ දවස අපිත් එක්ක ගත කරනවානම් අපි හැමෝම කැමතියි...


එහෙනම් 2013 "සයිබර් සිහින උළෙල" පළමු තරඟය ආරම්භ කරන්නයි මේ සුදානම....
ඒ තමයි සයිබර් සිහින උළෙලේ නිර්මාණ තරඟය...

මේ තරඟය බ්ලොග් ලියන කියවන ඕනෑම කෙනෙකුට විවෘත තරඟයක්. කරන්න තියෙන්නේ ඔබ විසින් නිර්මාණය කරපු;
කවි (නිසඳැස් ඇතුළුව)
කෙටිකථා
රචනා
සහ
ගී පද රචනා 
cybernewyearfestival2011@gmail.com කියන"බ්ලොග් අවකාශයේ මිතුරෝ" නිල ඊ මේල් ලිපිනයට එවීම පමණයි.

මේ නිර්මාණ බ්ලොග්කරුවන් නොවන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු විනිශ්චය මණ්ඩලයක් මගින් විනිශ්චය කරලා අප්‍රේල් 21 වෙනිදා සයිබර් සිහින උළෙලේදී ජයග්‍රාහකයාට ත්‍යාග ප්‍රදානය කරන්නයි  සැලසුම් කරලා තියෙන්නේ.....


නිර්මාණ බාරගන්න අන්තිම දවස මාර්තු 31 වෙනිදා.....

එවන හැම ඊ මේල් එකක්ම "නිර්මාණ තරඟය 2013" කියන ශීර්ෂය යටතේ එවන්න අමතක කරන්න එපා. 

මෙන්න තරංග කොන්දේසි....

මෙන්න තරංග කොන්දේසි....

1.ඔබ විසින්ම කරන ලද නිර්මාණයක් විය යුතුය. මීට පෙර තමන්ගේ බ්ලොග් අඩවියේ පලකරන ලද නිර්මාණ වුවද ඉදිරිපත් කල හැකිය. (යම් උපුටා ගැනිමක් වෙතොත් පෙර දැනුම් දිමකින් තොරව එය තරඟයෙන් ඉවත් කිරිමට විනිශ්ච මණ්ඩලයට අවස්ථාව ඇත)

2. නිර්මාණ තරඟය ප්‍රධාන අංශ දෙකක් යටතේ පවත්වනු ලැබේ.
- කවි (සඳැස් සහ නිසඳැස්) නිර්මාණ
- කෙටිකථා

3. එක් අයෙකුට එක් අංශයකින් ඉදිරිපත් කල හැක්කේ එක නිර්මාණයක් පමණි.

4. එක් අපේක්ෂකයෙකුට තරඟ අංශ දෙකටම ඉදිරිපත්විය හැකිය.

5. අංශ දෙකෙන්ම පළමු ස්ථාන ලබාගන්නා ජයග්‍රාහකයන්ට සමරු තිළිණ පිරිනමනු ලබන අතර 1,2,3 යන ස්ථාන ලබාගන්නා නිර්මාණ සයිබර් සිහින උළෙල සමරු කලාපයේ පළකරනු ලබයි.

6. සංවිධායක මඩුල්ලේ කිසිවෙකුට මෙම තරගය වලංගු නැති අතර එසේ ලැබෙන නිර්මාණ වෙතොත් එවා ඉවත් කිරිමට කටයුතු යොදා ඇත.

7. තරගයේ අවසන් තිරණය විනිසුරු මඩුල්ල සතු වේ.

තව දෙයක්....එදාට එනවා වගේම මේ කාර්යය සාර්ථක කරගන්න දායක වෙන්නත් හැමකෙනෙක්ටම අපි ආරාධනා කරනවා.  මුල්‍යමය වශයෙන් උදව් උපකාර කරන්න කැමති අයට "සයිබර් සිහින උළෙල" වෙනුවෙන් නිර්මාණය වෙන සමරු කලාපයේ දැන්වීමක් පලකිරීම මගින් හරි සෘජුවම "බ්ලොග් අවකාශයේ මිතුරෝ" ගිණුමට මුදල් බර කිරීම මගින් දායක වෙන්න පුළුවන්. ඒ වගේම ශ්‍රමයෙන් හරි වෙනත් ආකාරයකට හරි උදවු කරන්න කැමති අයට ඒ විදියට උදවු කරන්නත් පුළුවන්. ඔබේ කැමැත්ත සඳහන් කරල cybernewyearfestival2011@gmail.com කියන නිල ඊ මේල් ලිපිනයට ලිව්වොත් හැකි ඉක්මනින් සංවිධායක මණ්ඩලය ඔබව අමතාවී...
Back to Top